සජිත්ට දෙයිද ? නැද්ද? – අද රනිල් තීන්දු කරයි :රැස්වන තැන තවමත් සජිත්ට දැනුම් දී නැහැ !
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ (ඒ.ජ.ප) ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබෙන තීරණාත්මක ඒ.ජ.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (26) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත බවත් එය පැවැත්වෙන ස්ථානය මේ වන තෙක් කිසිඳු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු හට දැනුම් දී නොමැති බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ.ජ.ප. නායක මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්විමට නියමිත බව අමාත්‍ය කිරිඇල්ල ප්‍රකාශ කළේය.
එම රැස්වීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගෙන් මාධ්‍ය කළ විමසීමක දී ඒ මහතා පවසා ඇත්තේ, කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වෙන වේලාවක් හෝ ස්ථානයක් ගැන අද (26) උදැසන වන තෙක් තමන්වෙත කිසිවෙකු මේ වන විටත් දැනුම් දී නොමැති බවයි.
එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායම එකවර කැඳවන්නැයි තමන් විසින් පක්ෂ නායකත්වයෙන් ඉල්ලිමක් කළ බවද ප්‍රේමදාස අමාත්‍යවරයා වැඩිදුරටත් එම මාධ්‍යට පවසා තිබේ.
ඉදිරි 30ස් වනදා ඒ.ජ.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම රැස් කිරීමට තවත් පාර්ශ්වයක් අර අදිමින් තිබෙන බවටද වාර්තාවන් පවසයි