ත්‍රස්‌තවාදය සහ අන්තවාදය පරාජය කිරීමට අගමැති ඉම්රාන් ඛාන් ගත් අළුත්ම පියවර

ත්‍රස්‌තවාදය සහ අන්තවාදය පරාජය කිරීමට අගමැති ඉම්රාන් ඛාන් ගත් අළුත්ම පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉස්ලාමීය අන්තවාදය මර්දනය කිරීම ඇතුළු සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන සිදුවෙමින් සිඝ්‍රයෙන් පැතිරයන ඉස්ලාම් විරෝධී (Islamophobia) කුමන්ත්‍රණයන් මර්දනය කරමින් නිසි ඉස්ලාම් ධර්මයේ පණිවිඩය ලෝකවාසී මුස්ලිම් ජනයාට මෙන්ම සමස්ත ගෝලීය ජනයාටම ලබා දීමට හැකි වන ආකාරයේ ඉංග්‍රීසි භාෂා ජාත්‍යන්තර රූපවාහිනී නාළිකාවක් ස්ථාපිත කිරීමට මැලේසියාව, තුර්කිය සහ පකිස්තානය යන රටවල් සළකා බලමින් සිටින බවට වත්මන් පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් (Imran Khan) මහතා ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා අළුත් වෙබ් අඩවියක් බ්ලොග් ගත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව මාධ්‍ය හමුවේ පවසා තිබෙන බවට පකිස්තානයේ ද නිවුස් (The News) වෙබ් අඩවිය වාර්තා කර සිටී.

මැලේසියාව, තුර්කිය සහ පකිස්තානය යන රටවල් ත්‍රිත්වයේම සහයෝගීත්වයෙන් පිහිටුවීමට මෙන්ම දියත් කිරීමට බලාපොරොත්තුවන මෙම නාළිකාව ඒකාබද්ධ වෙළඳ ව්‍යාපෘතියක් ලෙසට කල-එළි බැසීමට නියමිත බවට වාර්තා වේ.

“President Erdogan, PM Mahatir and myself had a meeting today in which we decided our 3 countries would jointly start an English language channel dedicated to confronting the challenges posed by Islamophobia and setting the record straight on our great religion – Islam,” he said in the tweet.

මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ් මහතා සහ තමා අතර ඊයේ දිනයේ සිදුවූ හමුවීමෙන් අනතුරුව මෙලෙස ඒකාබද්ධව ඉංග්‍රීසි නාළිකාවක් දියත් කිරීමෙන් ජාත්‍යන්තරයේ ඉස්ලාම් ධර්මය ඉලක්ක කරගෙන සිදුවෙන විරෝධී කුමන්ත්‍රණයන් පරාජය කිරීමට මෙන්ම ඉස්ලාමිය සත්‍ය ඉතිහාසය ලෝකවාසී ජනයාට දැක ගැනීමට සැලැස්වීමට මෙම නාළිකාවෙන් බලාපොරොත්තුවන බවට ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් පණිවිඩයක් සටහන් කර තිබේ.

වැරදි මතයන් සහ කුමන්ත්‍රණයන් මගින් ඉස්ලාමිය ජනයාට එරෙහිව ලෝකවාසී ජනයා පෙළ ගැස්ම සහ ඉස්ලාමය පිලිබඳ වැරදි මතයන් නිවැරදි කිරීම මෙන්ම ආගම්වලට සහ දේව අපහාසයන් සිදු කිරීම සහ එහි සිමාවන් නිසි ලෙස නීර්ණය කිරීම යනාදී කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඉස්ලාමික ඉතිහාසය නිවැරදි මාධ්‍ය ආවරණයක් ලබාදීම යනාදී කරුණු වලට මූලිකත්වය ලබාදීම මෙමගින් බලාපොරොත්තුවන බවට ඉම්රාන් ඛාන් මහතා පවසා තිබේ.

පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා වත්මනයේ නිව් යෝක් නුවර පැවැත්වෙන 74වන ජගත් සංවිධාන සැසි වාරයට සහභාගිවීම සඳහා ඇමරිකාවේ සංචාරයක නියැලෙමින් සිටී.

එමෙන්ම තුර්කි අගමැති රචේප් ටයිබ් එර්ඩොගන් මහතාව හමුවෙමින් මේ පිළිබඳව සාකච්චා කර තිබෙන බවට ද ඉම්රාන් ඛාන් මහතා මේ පිළිබඳව අදහස් දක්වා තිබේ.