FAST NEWS

24×7 Around the Globe

කඳුළු බිංදු වෙනුවට කැට වගුරවන අරුම පුදුම තරුණිය [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොහෝ පුද්ගලයන් සංවේදී අවස්ථාවක එය පිටකරනු ලබන්නේ කඳුළු සලා හඬා වැටීම මගින්. 

කෙසේ වෙතත් එම තත්ත්වය අසාමාන්‍ය ලෙස වෙනස් වූ කාන්තාවක් පිළිබඳව ලෝකයම පුදුම කරමින් ආමේනියාවෙන් වාර්තා වනවා.

එරට ග්‍රාමීය ප්‍රදේශයක වාසය කරන මෙම කාන්තාවගේ විශේෂත්වය වන්නේ ඇය කඳුළුසලන අවස්ථාවේ ඇයගේ දෙනෙත්වලින් කඳුළු කැට කඩා වැටීමයි.

මෙම කාන්තාව ප්‍රථමයෙන් මෙම තත්ත්වය පිළිබඳව දැනගැනීමත් සමඟ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුවද වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙවැනි රෝගාබාධයක් පිළිබඳව අසා නොමැති බවයි.

කෙතරම් විවිධ වූ ප්‍රතිකාරවලට යොමුවුවත් එයට පිළියම් නොමැති බැවින් ආය මේ වන විට පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

මේ කාන්තාවගේ කඳුළු වෙනුවට ඇයගේ දෙනෙත් අගින් කඩා හැලෙන්නේ කුඩා වීදුරු කැටයි. මේ පිළිබද දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය හරහා හුවමාරු වී තිබේ.