(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාවේ මෙන්ම ලෝක ඉතිහාසයේ සිදු වෙච්ච නොයෙක් දේවල් දැන් දැන් එලිවෙමින් තිබෙනවා. අප දන්නා කරුණක් තමයි ලෝක ඉතිහාසයේ සුදු අධිරාජ්‍යවාදීන් විසින්ට හිමි වුන තැන. එනම් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් විශේෂත්වය හිමිවන්නේ මහා බ්‍රිතාන්‍ය සුද්දන්ටයි.
මහා බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන් ලෝක ඉතිහාසය වෙනම ආකාරයකින් වෙනස් කරපු පුද්ගලයින් හැටියට තමයි ඉතිහාසය වාර්තා කරන්නේ. අප්‍රිකානු මහාද්වීපය, දකුණු ඇමරිකානු මහාද්වීපය, දකුණු ආසියාව ඇතුළු නැගෙනහිර ආසියාවේ විශාල ප්‍රමාණයක් වූ භූමි භාගයක් තමන්ගේ පාලනයට නතු කර ගැනීමට ඔවුන්ට හැකි වීම සුවිශේෂී සිද්දියක් හැටියට සඳහන් කරන්න පුළුවන්.
එමෙන්ම, ලෝක ඉතිහාසයේ ලේ වලින් පමණක් ලියවිච්ච ඉතිහාසයක් අපට දැක ගැනීමට හැකි වන්නේ නම් එය වහල් යුගයේ යයි කීම නිවැරදි කරුණක් හැටියට සැළකිය හැකි වනු ඇත.
17 සහ 18 යන ශත වර්ෂයන්හිදී සුදු අධිරාජ්‍යවාදීන් විසින් විශාල ප්‍රමාණයක් අප්‍රිකානු, කැරිබියානු මෙන්ම ආසියාතික රටවල් යටත් විජිත බවට පත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ මුදල් පමණක් ඉලක්ක කරගත් වෙළඳ මෙන්ම වගාවන් යටත් විජිතයන්වලට හඳුන්වා දෙන ලදී.
අළුත් බෝග වගාවන්වලට අවශ්‍ය ශ්‍රමිකයින් ලෙස දේශීය ජනයාව යොදවා ගන්නා ලදී. මෙහිදී දේශීය ජනයාව පාලනය කරමින් ඔවුන්ගෙන් උපරිම ශ්‍රමය ලබා ගැනීමට නොයෙකුත් වධ හිංසා පමුණුවීමට සුදු අධිරාජ්‍යවාදීන් ක්‍රියා කරයි.
මෑතකදී අප්‍රිකානු සහ කැරිබියානු රටවල්වල අහිංසක දේශීය ජනයාව වහල්ලු ලෙස යොදවමින් ඔවුන්ව වධ බන්ධනයන්ට ලක් කර තිබීම සාමාන්‍ය දෙයකි, නමුත් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ අප්‍රිකානු සහ කැරිබියානු වහලුන්ව සීනි කර්මාන්තයේ යොදවමින් ඔවුන්ව පාලනය කිරීමට සහ උපරිම ශ්‍රමය ලබා ගැනීමට මෙන්ම භීතිය පැතිරවීමට අප්‍රිකානු සහ කැරිබියානු වහලුන්ව රත්වෙන සිනි තච්චුවල දමා දඬුවම් කර තිබෙන බවයි.
හැකි වන්නේ නම් එය වහල් යුගයේ යැයි කීම නිවැරදි කරුණක් හැටියට සැළකිය හැකි වනු ඇත.









