FAST NEWS

24×7 Around the Globe

සජිත් එනවට රනිල් එකඟයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එළඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොරා පත් කර ගැනීමට සම්බන්ධ සාකච්චා වාරයක් පැවැත්විණි.

එහිදී, මීළඟ එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලෙස තිබු යෝජනාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බවට වාර්තා වේ.

කෙසේ නමුත් , මෙය එජාප නායකයාගේ තාවකාලික උපාය මාර්ගයක් විය හැකි අතර ඉදිරි පැය 72 ඇතුලත මේ පිළිබඳව අවසන් තීරණයක් ලැබිය හැකි බව තතුදත් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.