FAST NEWS

24×7 Around the Globe

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාව ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජංගම සේවාවක් ලබන 28 හා 29 යන දෙදින තුල පුත්තලම , මන්නාරම හා ගාල්ල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 

එහිදී මෙම වැඩසටහන පුළුල්ව ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති අතර , ඔක්තෝම්බර් 05 හා 06 දිනවල මෙම වැඩසටහන පැවැත්වෙන්නේ මාතර, හම්බන්තොට හා ත්‍රිකුනාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය හරහා බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය උපදේශන සේවාවන් හා අපනයනකරුවන් ලියාපදිංචි කිරීම ඇතුලු සේවා රැසක් සිදු කිරීමට අපේක්ෂිතව ඇත.