FAST NEWS

24×7 Around the Globe

ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සවුදිය සූදානමින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තෙල් පිරිපහදු සංකීර්ණ වෙත එල්ල කළ ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවත් , ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් සෞදි අරාබියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අදෙල් අල් ජුබයිර් මාධ්‍ය අමතමින් සඳහන් කර තිබේ. 

ප්‍රතිචාර දැක්විය යුතු පියවර පිළිබඳව සිය මිතුරු රටවල් සමඟ අදහස් හුවමාරු කරගනිමින් සිටින බවත් ඔහු එහිදී අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ඇතුලූ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය සෞදි අරාබියට දැන් වෙන කවරදාකටත් වඩා අවශ්‍ය වන බව රාජ්‍ය අමාත්‍ය අදෙල් අල් ජුබයිර්, වැඩිදුරටත් කියා සිට ඇත.