FAST NEWS

24×7 Around the Globe

මත්පැන් නිසා වැඩ වැරදුණු ක්‍රීඩකයින් තිදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්පැන් පානය කළ ශී‍්‍ර ලංකා ක්‍රිකට් යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනෙකුට තරග සංචාරයක් තහනම් කර තිබේ.

ඔවුන් ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර  මෙලෙස මත පන පානය කර ඇති බව හෙළිව ඇත.

එම තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු විය.

ඉන්පසු මෙම යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනා නවාතැන් ගෙන සිටි හෝටලයේදී බීමත්ව සිටි බවට අනාවරණය වී තිබේ.

එම කී‍්‍රඩකයින්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් බීමත්ව සිටි බව අනාවරණය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට්ඒ ආයතනය පවසයි.

මේ හේතුවෙන් මෙම කී‍්‍රඩකයින් තිදෙනා එළඹෙන බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් කර ඇති බවද  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසීය