(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය තුල මත ගැටුම් පවතී.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීමට පක්ෂයේ බහුතරයකගේ කැමැත්ත ගත යුතු බවට ප්‍රකාශ වීමත් සමඟ ඒ සඳහා පක්ෂයේ 50 කට වැඩි පිරිසක් අත්සන් කල වියවිල්ලක්ද භාර දෙනු ලැබීය.
නමුත් අපේක්ෂකත්වය සඳහා පක්ෂය තුළ මේ වන විට නම් කිහිපයක් යෝජනා වී තිබේ.
කෙසේ වෙතත් හෙට(20) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ජනාධිපති අපේක්ෂයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පක්ෂයේ ජේෂ්ටයෙක් පැවසීය.
මේ අනුව මෙම සති අන්තයේදී ජනාධිපති අපේක්ෂයා පිළිබඳ අවසන් තීරණයක් ප්‍රකාශයට පත් නොකළ හොත් ඉදිරි දින කිහිපයේදී සජිත්ට සහය දක්වන පිරිස අරලිය ගහ මන්දිරය වටකර විරෝධතාවයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.









