FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සිගරට් තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ ඊ-සිගරට් නිෂ්පාදනය, ආනයනය හා අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වන යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ බව එරට වාර්තා සඳහන් කරයි.

ඉන්දියාව තුළ වැඩිහිටි දුම්පානය කරන්නන් මිලියන 100ක් පමණ සිටින බව අනාවරණ කරගෙන ඇති අතර ඊ – සිගරට් වලින් ජනතාවගේ සෞඛ්‍යයට එල්ලවන අහිතකර බලපෑම හේතුවෙන් ඒවා නිෂ්පාදනය, ආනයනය හා අලෙවිය මුළුමණින් තහනම් කිරීමට ඉන්දීය රජය මේ වන විට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ යොවුන් දරුවන් හා තරුණ පිරිස් අතර ඊ – සිගරට් වසංගතයක් සේ පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය නිසාවෙන් මේ පියවර ගත් බවයි.

එමෙන්ම ඊ සිගරට් සම්බන්දයෙන් වෙළඳ ප්‍රචාරණයක් සිදු කිරීමද අදාළ නීතිය යටතේ තහනම් කර තිබෙන අතර අදාළ තහනම කඩ කරන්නන්ට වසර තුනක සිර දඬුවමක් හෝ අමෙරිකානු ඩොලර් 7020ක දඩ මුදලක් හෝ එම දඬුවම් දෙකටම යටත් වීමටත් සිදුවනු ඇත.