(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපානයේ චිබා පළාතේ ෆසායි සුලිකුණාටුව හේතුවෙන් නිවාස 60 000ක විදුලිය විසන්ධි වේ ඇති බව වාර්තා වේ.
ෆසායි සුළිකුණාටුවේ බලපෑමෙන් මහත් ව්‍යසනයකට මුහුණදුන් ජපානයේ චිබා පළාතේ විදුලි සැපයුම් පද්ධතිය යථා තත්ත්වයට ගෙන ඒමට තවත් දෙසතියක පමණ කාලයක් ගතවනු ඇතැයි බලධාරීන් පවසයි.
නොසිතූ තරම් ප්‍රබලත්වයකින් පැමිණි සුලිකුණාටුව හේතුවෙන් නිවාස රැසක් සහ එහි ජන ජීවිතය මුලුමනින්ම පාහේ අඩපණ වී ඇත.
වැසි දිය නිවෙස් තුළට පැමිණීම වැලැක්වීමට නිල් පැහැ පොලිතින් කවර භාවිත කිරීමට ඔවුන්ට සිදුවී ඇති අතර නිවාසවල වහළ සුළඟට ගසාගෙන යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලබන 27වැනිදා වන විට සමස්ත විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව විදුලි බිදවැටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපාන බලශක්ති අංශ වැඩි දුරටත් පවසයි.









