FAST NEWS

24×7 Around the Globe

මිලියන 80 මිය යා හැකි වෛරසයක් පැතිරීමේ අවධානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැය 36ක් තුල මිලියන 80ක ජනතාවක් මරණයට පත් කළ හැකි උණ වසංගතයක් පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවයි.

ඒ යළි පැතිරිමේ අවධානමක් ඇති බවටයි.

“ස්පැනිෂ් ෆ්ලු” නමින් හැදින්වෙන මෙම වෛරසය මිට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වී තිබේ. ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 50ක්වේ.

මේ වන විට මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් පවතින අතර මේ අවස්ථාවේ එහි ප්‍රථිපලය භයානක විය හැකි බවවෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයින් පිරිසක් වන “ගෝලීය සුදානම අධීක්ෂණ මණ්ඩලය” විසින් ලෝක නායකයින්ව දැනුවත් කිරිම සදහා වන විශේෂ වාර්තාවක් ලබා දෙමින් මේ බව සදහන් කර ඇත.

ඉතා වේගයෙන් පැතිරිමේ අවධානමක් ඇති මෙම “ස්පැනිෂ් ෆ්ලු” වෛරසය මගින් ලොවපුරා මිලියන ගණනක් මිනිසුන් මරණයට පත් කිරිමට, ආර්ථිකයන් කඩාකප්පල් වීමට සහ ජාතික ආරක්ෂාවන් කෙටි කාල සිමාවකින් අස්ථාවර කළ හැකි බවයි එම වාර්තාවේ දැක්වේ.