ක්‍රිකට් ක්‍රීඩකයින්ට බුරියානි තහනමක්, මස් කන්නත් බැහැ

ක්‍රිකට් ක්‍රීඩකයින්ට බුරියානි තහනමක්, මස් කන්නත් බැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පකිස්තානු ජාතික කණ්ඩායමට පත් කර සිටින නව පුහුණුකරුවන මිස්බා-උල්-හක් (Misbah-Ul-Haq) විසින් පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට බුරියානි ආහාරයට ගැනීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙන බවට විදෙස් පුවත් පතක් වන හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

2019 වසරේ අවසන් වූ ලෝක කුසලාන (ICC World Cup 2019) තරඟාවලියේදී පකිස්තානු කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවය ඉතාමත් පහල මට්ටමක පැවති බවට තහවුරු වී තිබෙන බවත්, එයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ පකිස්තානු ක්‍රීඩකයින් දැඩි ලෙස තෙල් මෙන්ම එළඟි තෙල් අධික ලෙස භාවිතා කරමින් පිසින ලද බුරියානි ආහාරයට ගැනීමය.

එමෙන්ම, තෙම අධික මස් (Red Meat) ආහාරයට ගැනීමද තහනම් කර තිබෙන බවත් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය ගුණයෙන් යුත් ආහාර වේල් ලබාදීමට ආහාර සපයන්නගෙන් සහයෝගය ලබාගනු ඇති බවටද පකිස්තානු ජාතික කණ්ඩායමට පත් කර සිටින නව පුහුණුකරුවන මිස්බා-උල්-හක් (Misbah-Ul-Haq) විසින් පවාදී දුරටත් ප්‍රකාශ කර තිබෙන බවට අදාල පුවත් පත වාර්තා කර සිටී.

දක්ෂ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදී ජාත්‍යන්තර ඇගයීමට ලක්ව සිටින මිස්බා-උල්-හක් ගේ වයස 45ක් වුවද දැනටත් ඉතාමත් ශක්තිමත් දේහයකට ඔහු උරුමකම් කියයි.