ජනප්‍රිය යොවුන් නිළියක් වන උදයන්ති කුලතුංගගේ ප්‍රථම ප්‍රේමය පිළිබඳව ප්‍රවීණ පුවත්පත් කලාවේදී අර්නස්ට වඩුගේ මහතා පැවැත්වූ සාකච්ඡාවකදී සමග මෙසේ පවසා තිබෙනවා.
මුල්ම පෙම්වතා වුණේ කවුද? ෆස්ට් ලව් බොහොම සුන්දරයිනේ
“මම මුලින් අධ්‍යාපන ලැබූ විදුහලක් අනුරාධපුරයේ “නිවන්තක චේතිය විද්‍යාලය. ඒක මිශ්‍ර පාසලක්. එහෙ මං ඕ ලෙවල් කරද්දි පාසලේ ශිෂ්‍ය නායකයා මට මුලින් ම ලව් කරන්න ගත්තා. ඔහු කළුම කළුයි. උසයි. හරි හැන්ඩි. ඒ වගේ චණ්ඩියා. අනෙක ශිෂ්‍ය නායකයානේ. මුලින් මුලින් මිහිරි හිනාවක් පාමින් ‘ගුඩ් මෝනින්’ කියන්න පුරුදු වුණා. කතාවක් නෑ. පස්සේ පස්සේ ලයිබ්‍රියේදී අපි මීට් වෙන්න ගත්තා. එයා මම ළඟම පුටුවේ වාඩි වෙනවා.’
“හරි ලස්සනයි උදයන්ති මේ නවල් එක කියවලා බලන්නකෝ. ඔහු මට පොතක් දුන්නා. ඒකේ ඇතුළේ ලියුමක්. ලියුම පුරාම නිසදැස් කවි. හරි ලස්සනයි. දුක හිතෙන කවි. ආදරය උතුරා යන තරම්. ඒ එක්කම සින්දු කෑලිත් ලියනවා.”








