FAST NEWS

24×7 Around the Globe

ළමා මෙහෙකාරියට ශාරීරික වද හිංසා කළ ක්‍රිකට් ක්‍රීඩකයාට වැඩි වරදි.

එකොළොස් වියැති ළමා මෙහෙකාරියට ශාරීරික වද හිංසා කළ බවට චෝදනා එල්ල වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන්ට ක්‍රීඩා තහනමක් පැනවීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

බංගලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුට එල්ල වන චෝදනා මගින් සිය ආයතනයේ ප්‍රතිරූපයට හානි වී ඇති බවයි.

සිය නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා ශදාත් හොසෙන් ඉදිරියට පැමිණිය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

මහමග සිටියදී  තුවාල ලබා සිටි දැරිය දින කිහිපයකට පෙරදී සොයා ගත් බව මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබුනා.රෝහල් ගත කර සිටින දැරිය මේ වන විට සුවය ලබමින් සිටිනවා.

එම දැරිය හොසේන් සහ ඔහුගේ බිරිඳ වාසය කරන නිවසේ වසරක සිට සේවය කර තිබෙනවා.