(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය සතියේ රටවල් කිහිපයකට බලපෑ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස්හි පුද්ගලයින් 2500 කට අධික පිරිසක් අතුරුදන්වී ඇති බව බහමාස් හදිසි සේවා වාර්තා වල දැක්වේ.
තවත් දහස් ගණනකට අසන්න පිරිසක් අවතැන්ව යෑමට ස්ථානයක් නොමැතිව අසරණ වී සිටින අතර 50 දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කැරිබියන් හදිසි ආපදා කළමනාකරණ කාර්යාංශය පවසන ආකාරයට පුද්ගලයන් පහළොස්දහසකට පමණ ආහාර හා වාසස්ථාන අවශ්‍ය වන අතර ඔවුන් සඳහා විශාල කූඩාරම් ඉදිකිරීමේ කටයුතු දැනටමත් බහමාස් බලධාරීන් විසින් ආරම්භ කර ඇත.
එරට බලධාරීන් නිගමනය කරන ආකාරයට අපාදාවෙන් බහමාස් හි සිදුවූ දේපළ හානිය අමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවනු ලබයි.









