FAST NEWS

24×7 Around the Globe

නවතම පර්යේෂණයකින් ජල වාෂ්ප සහිත ග්‍රහලෝකයක් සොයාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතිහාසයේ ප්‍රථම වතාවට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තාරකාවක් වටා භ‍්‍රමණය වෙමින් පවතින ග්‍රහලෝකයක ජල වාෂ්ප පවතින බවට පර්යේෂණයකින් හෙළිවී තිබේ. 

ආලෝක වර්ෂ 111 ක් දුරින් පිහිටා ඇති මෙම ග්‍රහලෝකය නම්කර ඇත්තේ කේ. ටූ එයිටීන් බී ලෙසයි.

එහි ජීවින් වාසය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු දැනගැනීම සඳහා තවත් වසර 10 ක් ගතවනු ඇති බවත් , මෙම ග්‍රහලෝකයේ උෂ්ණත්වය පෘථිවියට බෙහෙවින් සමාන වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කේ. ටූ එයිටීන් බී නම් මෙම නව ග්‍රහලෝකය පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල බවත් , ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් අට ගුණයක් බවත් එම වාර්තාවල සදහන්.