ලබන 22 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඇමති ධුර නොලද එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකට විපක්‍ෂයේ අසුන් ගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිස, දෙසළ සන්ධානය හා ජවිපෙ මේ වන විටත් විපක්‍ෂයේ අසුන් ගන්නා අතර මෙම එජාප මන්ත‍්‍රී පිරිස විපක්‍ෂයේ අසුන් ගනු ඇත්තේ එම කණ්ඩායමට ආණ්ඩු පක්ෂයේ අසුන් ප්‍රමාණවත් නොවීම නිසාවෙනි.








