(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කළ ක්‍රීඩකයන් 10 දෙනා හට එළබෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමක් ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, එම ක්‍රීඩකයන්ට ඔක්තෝම්බර් 27 දින ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ ඕවල් ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා යෝජිත කාලසටහන;
- ඔක්තෝම්බර් 27 – ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනය
- ඔක්තෝම්බර් 30 – ගැබා ඕවල් ක්‍රීඩාංගනය
- නොවැම්බර් 01 – මෙල්බර්න් ක්‍රීඩාංගණය









