FAST NEWS

24×7 Around the Globe

ආගමික උත්සවයක තෙරපීමකදී ජිවිත හානි රැසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉස්ලාමිය ආගමික උත්සවයක් අතරතුර සිදු වු තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ කබාලා නගරයේ වාර්ෂිකව පැවත්වෙන අශූරා නම් මෙම ආගමික උත්සවයෙදී ප්‍රකට ෂීයා දේවස්ථානයක් වන ඉමාම් හුසේන් දේවස්ථානයට පිවිසෙන මාර්ගය ඔස්සේ දිවයාමේ සම්ප්‍රදායක් පවතින අතර ඒ අතරතුර සිදුවූ තෙරපීමක් හේතුවෙන් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.