(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එළබෙන 27 වැනිදා පකිස්තානයේ ආරම්භ වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්සයි 20 තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තරගාවලිය සඳහා එක්දින සංචිතයේ නායකයා ලෙස ලහිරු තිරිමාන්න නම් කර ඇති අතර විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක නම් කර තිබේ.
ඒ අනුව ලහිරු තිරිමාන්න ,සදීර සමරවික්‍රම , අවිශ්ක ප්‍රනාන්දු , ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසුරිය, දසුන් ශානක, ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක, වනින්දු හසරංග, ලක්ෂාන් සඳකැලුම්, නුවන් ප්‍රදීප්,, කසුන් රාජිත, ලහිරු කුමාර, ඉසුරු උදාන යන අය එක්දින තරගාවලියේ කණ්ඩායම් සංචිතය සඳහා නම් කර තිබව වාර්තා වේ
මේ අතර විස්සයි 20 තරඟාවලියේ කණ්ඩායම් සංචිතය සඳහා දසුන් ශානක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු , ඕෂද ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ෂෙහාන් ජයසුරිය, ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක, වනින්දු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ලහිරු කුමාර, ඉසුරු උදාන නම් කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි











