(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට වෙළඳපොළේ පවතින පළතුරු මිල ගණන් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.
පසුගිය දිනවල ප්‍රදේශ කීපයකට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පළතුරුවල නිෂ්පාදන ධාරිතාව පහළගොස් ඇති අතර , අස්වනු නෙලීමට ආසන්න වගාවන් සම්පූර්ණයෙන් විනාශ වීම හේතුවෙන් කෙසෙල් මිල ගණනුත් ඉහළ ගොස් තිබේ.
වෙළදපොළේ විකිණීමට ඇති කෝලිකොට්ටු කිලෝවක් මිල රුපියල් 220 – 250 අතර මිලක පවතින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.







