බ්‍රිතාන්‍ය ගුවන් මගීන් දැඩි අපහසුතාවයක

බ්‍රිතාන්‍ය ගුවන් මගීන් දැඩි අපහසුතාවයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් නියමුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් එරට ගුවන්ගමන් සේවා ඇණහිට තිබෙන බවට විදෙස් ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් ගුවන් මගීන් 300,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර, නියමිත ගුවන් ගමන් වාර 1,700පමණ අවලංගු කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

ලබන බදාදා (11) දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ගේ සංගමය [British Airline Pilots Association (Balpa) ] දැනුම් දී ඇත.