FAST NEWS

24×7 Around the Globe

තෙන්ඩුල්කාර් බොලිවුඩ් තරු සමග වීදි ක්‍රිකට් ක්‍රීඩාවේ [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා පැවති ජාතික ක්‍රීඩා දිනය නිමිත්තෙන්, ඉන්දීය ක්‍රිකට් දැවැන්තයෙකු වන සචින් තෙන්ඩුල්කාර්, බොලිවුඩ් තරු අභිශේක් බච්චන් සහ වරුන් ධවාන් සමඟ වීදියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ආකාරය දැක්වෙන විශේෂ වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ

 

View this post on Instagram

 

A post shared by Sachin Tendulkar (@sachintendulkar) on

“සෙල්ලම් කිරීම සමඟ වැඩ කටයුතු මිශ්‍ර කිරීම සැම විටම හොඳ දෙයක්. රූගත කිරීම් අතරතුර කාර්ය මණ්ඩලය සමඟ විනෝද වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනු අවස්ථාවේ අභිශේක් සමඟ වරුන් අප සමඟ එක්වීම සතුටට කරුණක්,” ලෙස තෙන්ඩුල්කාර් වීඩියෝවෙහි සටහන් කර ඇත.

මේ අතර, තෙන්ඩුල්කාර් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අභිශේක් සඳහන් කළේ “ඊයේ සිට මගේ උද්වේගය පාලනය කිරීමට උත්සාහ කළා. සිහිනයක් සැබෑ වුණා!” යනුවෙනි.
ට්විටර් පණිවිඩයක් සටහන් කරමින් බොලිවුඩ් තරු වරුන්ද මෙලෙස පවසා තිබුණ,

එපමණක් නොව, සචින් සහ වරුන් විසින් වීඩියෝ පටයක් නිපදවා යෝග්‍යතාවයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ අතර ෆිට් ඉන්දියා ව්‍යාපාරය දියත් කිරීම පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදිට ප්‍රශංසා කළහ.