(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝකයේ රටවල් අතරින් ඉන්දියාව නිරන්තරයෙන්ම අරුම පුදුම ප්රවෘත්ති මවන රටක් ලෙසට ප්‍රසිද්ධියක් උසුලයි.
මෙවර වාර්තා වී ඇති එම පුවත වන්නේ වයස අවුරුදු 73 ක් වයසැති මහළු කාන්තාවක් නිවුන් දරු දෙදෙනෙකු බිහි කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබීමයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම නිවුන් දරුවන් සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
මෙම අරුම පුදුම දරු උපතින් පසු මාධ්‍ය හමුවේ මව ප්‍රකාශ කර ඇත්තේ 82 හැවිරිදි වියේ පසු වූ තම ස්වාමි පුරුෂයා සහ තමන් විවාහ වූ දින පටන් දරුවන් අපේක්ෂාවෙන් පසුවුව ද මෙම නිවුන් දරු උපත සිදුවනතුරු එය සැබෑ නොවුනු බවයි.










