
බ්‍රෙක්සිට් පරාජය වුවහොත් මැතිවරණයක් පවත්වන බව බොරිස් ජොන්සන් කියයි
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මස 14 වනදා මැතිවරණයක් පැවැත්වීම සඳහා වන යෝජනාවක් සභාගත කිරීමට අපේක්ෂා කරන බව අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේය.
ඒ , ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමේ යෝජනාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුවහොත්ය.
තමන්ට මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් , එහෙත් බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වුවහොත් ඡන්දයක් පැවැත්වීමට සිදුවන බවත් බොරිස් ජොන්සන් ප්‍රකාශකර ඇත.
බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ ද ඇතැම් පිරිස් එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය සමඟ එක්ව ලබන මස 31 වනදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය නතර කිරීම සඳහා පනත් කෙටුම්පතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.