(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැයට කිලෝමීටර 180 ක ප්‍රබලත්වයකින් හමා යන පස්වන ගණයේ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් කැරිබියානු බහමාස් දිවයිනේ වයඹ දිග ප්‍රදේශයේ නායයෑම් සහ ජල ගැලීම් තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම සුළි කුණාටුව අතිශය භයානක බව ඇමරිකානු ජාතික සුළිසුළං මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.
ග්‍රැන්ඩ් බහමාස් දූපතේ වැසියන් මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
ඇතැම් අභ්‍යන්තර ගුවන් තොටුපලවල් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබෙන අතර , එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපල තවමත් විවෘතව පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.









