FAST NEWS

24×7 Around the Globe

ට්විටර් නිර්මාතෘගේ ගිණුමත් හැකර් ප්‍රහාරයකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මිලියන 04 ක් අනුගාමිකයන් සිටින ට්විටර් සමාජ මාධ්‍යයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ජැක් ඩෝසිගේ ට්විටර් ගිණුමටද චක්ලින් ස්කොඞ් ලෙසින් හඳුනාගත් හැකර් කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ඔහුගේ ගිණුමට ඇතුලු වූ හැකර්වරුන් ප්‍රහාරාත්මක සහ වර්ගවාදී ප්‍රකාශ විනාඩි 15 කට වැඩි කාලයක් තිස්සේ එහි පළ කර ඇති බව ද සදහන්.

ඉන් එක් සටහනක ට්විටර් සමාජ මාධ්‍ය සමාගමේ මූලස්ථානයේ බෝම්බයක් රඳවා ඇති බවත් සදහන් කර ඇත.

ට්විටර් නිර්මාතෘවරයාගේ ගිණුමට ඇතුලුවී කළ කී දෑ පිළිබඳ සාකච්ඡා කිරීමට සහ උපහාසයට ලක් කිරීමට හැකර්වරුන් වෙනම වෙබ් අඩවියක්ද දියත් කර ඇති අතර පසුව එය වසා දැමීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට එය යථා තත්ත්වයට පත් කළ බව ජැක් ඩෝසි අවධාරණය කරයි.