FAST NEWS

24×7 Around the Globe

නුවරඑළියේ ග්‍රෙගරි වැවට මත්ස්‍ය පැටවුන් අනූ දහසක් මුදා හැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   නුවරඑළිය ප්‍රදේශයේ මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණින් ග්‍රෙගරී වැවට මත්ස්‍ය පැටවුන් අනූ දහසක් මුදාහැර තිබේ. 

බඹරකැලේ මත්ස්‍ය අභජනන මධ්‍යස්ථානයෙන් මෙම මත්ස්‍ය පැටවුන් තොගය අභිජනනය කර තිබේ.

මෙම මසුන් උපයෝගී කරගනිමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නුවරඑළිය නගර සභාව සැලසුම් කර ඇත.