(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 1971 වසරේ මාර්තු 25 වන දාට පසු එනම්, බංග්ලාදේශය පිහිටුවීමෙන් අනතුරුව ඇසෑමයට සංක්‍රමණය වූ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පුරවැසිභාවය අහිමි වන ජාතික පුරවැසි ලැයිස්තුව හෙට(31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අවසන් ලෙස යාවත්කාලීන කළ හතලිස් එක්ලක්ෂයකට අධික පිරිසක් ඉන්දියානුවන් නොවන බවට ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව මෙහිදී අපේක්ෂා කෙරේ.
එලෙස පුරවැසි ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ට අධිකරණ ක්‍රියාමාර්ගවල සහය පැතීමට දින 120ක කාලයක් ලබාදෙන බවට මෝදි රජය ප්‍රකාශයක් නිකුත් කොට ඇත.









