FAST NEWS

24×7 Around the Globe

රූමේෂ් රත්නායක, මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර්, ශ්‍රී ලංකාව සමග පාකිස්තානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක රූමේෂ් රත්නායක ඇතුළු වත්මන් පුහුණුකරුවන් පාකිස්තානයට යාමට කැමැත්ත පල කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඕස්ටේ‍්‍රලියානු ජාතික මිකී ආතර් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහ සිම්බාබ්වේ ජාතික ග්‍රාන්ට් ෆ්ලවර් මෙරට පිතිහරඹ පුහුණුකරු ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් බඳවා ගනු ලැබුවහොත්, එළබෙන පාකිස්තාන සංචාරය පිලිබඳ උද්ගතව ඇති ගැටළු සහගත තත්වය නිරාකරණය වනු ඇති බවට තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආතර් සහ ෆ්ලවර් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පාකිස්තාන සංචාරය සහ පුහුණුකාරිත්වය පිලිබඳ සාකච්ඡා කරමින් සිටින බව තතුදත් ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

සබැඳි පුවත්: තිසර සහ දික්වැල්ල පාකිස්තාන සංචාරයෙන් ඉවත් වීමට ඉල්ලයි