FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අත්හිටුවන ඉල්ලීමට රැජින ගේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙසට එරට නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය විසින් සිදු කල ඉල්ලීමට දෙවන එලිසබත් මහා රැජින සිය අනුමැතිය ලබා දී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

එරට වත්මන් රජය ඊයේ ඉල්ලා සිටියේ ග්‍රීෂ්ම ඍතුවේ නිවාඩුවෙන් පසු ලබන මස මුලදී පාර්ලිමේන්තුව යලි ආරම්භ වීමෙන්අනතුරුව එය ඔක්තොම්බර් 14 වනදා දක්වා අත්හිටුවන ලෙසයි.

ඒ අනුව නව පාර්ලිමේන්තුව ආරම්භ කිරිමේ සම්ප්‍රදායික දේශනය මහා රැජින විසින් එදින පැවැත්වීමට නියමිතව තිබෙන තිබේ.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රික්සිට් සඳහා වන කල විරාමය ඔක්තොම්බර් 31 වනදා අවසන් වන අතර බ්‍රිස්කිට් ක්‍රියාවලිය ගිවිසුමකින් තොරව සිදු කිරීම වැලක්වීමට පාර්ලිමෙන්තුවට පවතින හැකියාව සීමිත වේ.