FAST NEWS

24×7 Around the Globe

ඇමසන් ලැව්ගින්න නවතාලීමට අවශ්‍ය විදේශාධාර භාර ගැනීමට බ්‍රසීල රජයේ කැමැත්ත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමසන් වැසි වනාන්තරයේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ලබාදෙන විදේශාධාර භාර ගැනීමට බ්‍රසීල රජය කැමැත්ත පළ කර තිබේ.

පසුගියදා අවසන් වූ ජී – 7 සමුළුවේදී ඇමසන් වනාන්තරය යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 22 ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් කැමැත්ත පළ කළ අතර, බ්‍රසීල රජය එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ විදෙස් බලවේග ඇමසන්හි පාලනය අත්කර ගැනීමේ උත්සාහයක නිරත වන බවට චෝදනා කරමිනි.