FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අප්‍රිකාවේද විශාල ලැව් ගින්නක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයේ හටගෙන ඇති ගින්න සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුවී තිබෙන මොහොතක මධ්‍යම අප්‍රිකාවේද විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.

නාසා ආයතනයේ ගිනි ගැනීම් පිළිබඳ සම්පත් කළමනාකරණ පද්ධතියේ දත්ත වලට අනුව, ඇන්ගෝලාහි අවම වශයෙන් ගිනි ගැනීම් 6,902 ක් සහ කොංගෝ ජනරජයේ ගිනි ගැනීම් 3,395 ක් වාර්තාවේ.

මේ අතර ඇමසන් වනාන්තරය රැකගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්වන ලෙස පේරු හා කොලොම්බියා නායකයන්, සෙසු ඇමසෝනියා රටවල්වල ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ සාකච්ඡාව සැප්තැම්බර් මස හය වන දා කොලොම්බියාවේදී පැවැත්වීමට නියමිතය.

ඇමසන් වැසි වනාන්තරයේ බ්‍රසීලයට හා බොලිවියාවට අයත් කලාපවල පැතිර යන ලැව් ගිනි හේතුවෙන් එම වනාන්තරය දැඩි අවධානමකට මුහුණපා සිටියි.

ගින්න පාලනය කිරීමට නිසි ලෙස කටයුතු නොකිරීම හේතුවෙන් වත්මන් බ්‍රසීල රජය ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව සිටින අතර ජාත්‍යන්තරයේද දැඩි විවේචනයට ලක්ව තිබේ.