FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ තෙල් ගවේෂණය කිරීමකට නෝර්වේ සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ඊසානදිග මුහුදු තීරයේ තෙල් ගවේෂණ කටයුතු සඳහා නෝර්වේ – එකිනෝර් බලශක්ති සමාගම සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවීමට නියමිත බව වාර්තා වෙයි.

මෙහිදී ඔවුන්ට පැවරෙන කාර්යය වන්නේ ජේ.එස්. 5 සහ ජේ.එස්. 6 ලෙස නම් කර ඇති මුහුදු තටකවල තෙල් සහ ගෑස් නිධි පවතී දැයි පරීක්ෂා කිරීමයි.

දැනට මේ සඳහා ප්‍රංශයේ ටූටාල් සමාගම සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹ ඇති අතර, අදාළ සමාගම් දෙකම මෙරට ඉදිරි තෙල් ගවේෂණ කටයුතු සඳහා එක්වීමට නියමිතව තිබේ.