FAST NEWS

24×7 Around the Globe

ඇමර්සන්හි ගිනි ජාලා නිවීමට G7 ලබාදෙන ආධාර බ්‍රසීලය ප්‍රතික්ෂේප කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දින ගණනාවක් පුරා ඇමර්සන් වනාන්තරයේ හටගෙන ඇති ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ජී.07 සමුළුවේ රටවල ආධාර ලබා ගැනීම බ්‍රසීල රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජී.07 සමුළුවේ රටවල නායකයින් ගත් එම තීරණය පිළිබඳ ප්‍රසාදය පල කරන නමුත් යුරෝපයේ වන ගහනය වර්ධනය කිරීම සදහා එම මූල්‍ය ආධාර යෙදවීම වඩා යහපත් බවයි බ්‍රසීල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඔනික්ස් ලොරෙන්සෝනි ප්‍රකාශ කර තිබෙන්නේ.

ප්‍රංශයේදී රැස්වූ ජී.07 සමුළුවේදී සාමාජික රටවල නායකයින් එකඟතාව පලකර ඇත්තේ බ්‍රසීලය ආශ්‍රිත ඇමර්සන් වනාන්තර පද්ධතියේ හටගෙන ඇති ලැව්ගිනි මැඩපැවැත්වීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 20 ක මූල්‍ය ආධාර ලබාදීමටයි.

ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් විසින් සිදුකරන ලද යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ වගේම, දින ගණනාවක සිට ගිනිගන්නා ඇමසන් හි ගිනි දලු නීවීම සදහා බොලීවියානු ආධාරයෙන් ලොව විශාලතම ජලය ගෙනයන සුපර් ටෑන්කර් ගුවන් යානය ලබාදීමට කටයුතු කළේය.

බෝයිං 747 වර්ගයේ ඇන්ජින් 04 ක විශාල ජම්බෝ යානාවක් තුළ සවි කළ විශාල ධාරිතාවකින් යුතු ජල ටැංකි පද්ධතියකින් සමන්විත මෙම යානාව දැනට ලොව ඇති විශාලතම ගිනි නිවීමේ ගුවන් යානාවයි.

මෙම යානාව මගින් වරකට රැගෙන යා හැකි ජල පරිමාව ලීටර් 70,000 ක්.

මෙම යානාව ඕනෑම ගිනිගන්නා ස්ථානයකට පහසුවෙන් ලඟා වී ගුවනින් ජලය හැලීමට හැකිවන පරිදි සකසා තිබෙනවා.