FAST NEWS

24×7 Around the Globe

අක්ෂා සුදාරි නිරූපිකාවක් සමග ගුටි කෙළියක.

ජනප්‍රිය නිළියක් වන අක්ෂා සුදාරි සම්බන්ධයෙන් පසුගිය දා වඩාත් කතාබහට ලක්වුණේ ඉන්දීය ව්‍යාපාරිකයකුට විවාහ වන බවට පොරොන්දු ලබාදී රුපියල් කෝටි 20 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධ නඩුවක් නිසායි.

අක්ෂා සම්බන්ධයෙන් තවත් පුවතක් පෙරේදා (9) දිනයේදී වාර්තා වීමත් සමග ඇය පුවත් මවන්නියක් බවට පත්ව තිබෙනවා.

මේ පුවතින් කියවුණේ ඇය මෝස්තර නිරූපිකාවක් වන සෂී හේවගේ නැමැති තරුණියට පහරදීමක් සිදුකල බවයි.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මිරිහාන පොලිසියට ද ඉදිරිපත්ව තිබෙනවා.

අක්ෂා ඇගේ මව සමග මීට පෙරත් රූපලාවන්‍යාගාරයකදී කාන්තාවකට පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියා.