FAST NEWS

24×7 Around the Globe

සුඩානයේ ජල ගැලීම්වලින් 60 කට අධික පිරිසක් මිය යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුඩානයට බලපෑ දැඩි වර්ෂාපතනයෙන් ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව තවත් පුද්ගලයින් 98 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම වාර්තා සදහන් කරයි.

සුඩාන් රාජ්‍යට මෙම දැඩි වර්ෂාපතනය ඇද හැලීම ආරම්භ වී ඇත්තේ පසුගිය ජුලි මස ආරම්භයේ සිටයි.

මේ හේතුවෙන් ප්‍රාන්ත 15 ක පමණ පුද්ගලයන් ලක්ෂ දෙකක පිරිසකට ඉන් බලපෑම් එල්ලවී ඇති බවයි වාදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.