FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ නායකත්ව ගැටුමට තේරීම් කමිටු විසඳුම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ල පත් කිරීම, කණ්ඩායමේ එකමුතුභාවය රැකගැනීමේ ප්‍රයත්නයක් බව, ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේන බවට ෆාස්ට් නිව්ස් අප සියල්ලන්ටම ප්‍රථමයෙන් ඔබ වෙත අනාවරණය කළේය (අගෝස්තු 07).

එම අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට ක්‍රීඩකයන් කීපදෙනකු අතර සීතල යුද්ධයක් නිර්මාණ වීමත් සමග ක්‍රීඩා බලධාරීන් පැවසුවේ විස්සයි20 නායකයකු පිලිබඳ නිල වශයෙන් අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි.

මේ අතර, මාලිංග නායකත්වයට පත්නොකරන ලෙසද ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කර තිබේ.

මෙම අස්ථාවරත්වයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ නායකත්වය මාලිංගටද එහි උපනායකත්වය නිරෝෂන් දික්වැල්ලටද ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා පත්කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබූ බව ද වාර්තා වේ.

තරගාවලිය සඳහා 15 දෙනෙකුගේ සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු හා ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවා තිබේ. කෙසේවෙතත්, මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා ඇති අතර පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනංජයද කණ්ඩායමට කැඳවා ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය;

  • ලසිත් මාලිංග (නායක)
  • නිරෝෂන් දික්වැල්ල (උප නායක)
  • අවිශ්ක ප්‍රනාන්දු
  • කුසල් ජනිත් පෙරේරා
  • ධනුෂ්ක ගුණතිලක
  • කුසල් මෙන්ඩිස්
  • ශෙහාන් ජයසූරිය
  • දසුන් ශානක
  • වනිඳු හසරංග
  • අකිල ධනංජය
  • ලක්ෂාන් සඳකැන්
  • ඉසුරු උදාන
  • කසුන් රාජිත
  • ළහිරු කුමාර
  • ළහිරු මධුශංක