(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්ග කිලෝමීටර් හැත්තෑ ලක්ෂයක් පුරා පැතිරුණු ලොව විශාලතම සදාහරිත වනාන්තරය වන ඇමසෝන් හි ඉතිහාසයේ කිසිදා සිදුනොවුන තරම් ලැව් ගිනි මේ වන විට පැතිර යමින් පවතී.
දකුණු ඇමරිකානු ද්‍රෝණියේ රටවල් 09 ක් නියෝජනය කරමින් ඇමසෝන් පිහිටා තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කියා සිටියේ මෙය ජාත්‍යන්තර අර්බුදයක් වන අතර එය අප නිවස ගිනි ගන්නා ලෙස ලෝකවාසීන්ට හැගීමක් ඇති විය යුතු බවයි.
ඇමසෝන් වනයෙන් 60% ක්ම නියෝජනය කරන්නේ බ්‍රසීලයයි.
බ්‍රසීලයයට අයත් ඇමසෝන් වනයේ ලැව් ගිනි මේ වසරේදී 85% කින් ඉහළ ගොස් ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණ වී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
ඒ සම්බන්ධයෙන් ගෝලීය සංවාදයකට සූදානම් බවයි බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සොනාරෝ ප්‍රකාශ කළේ.
මේ අතර ඇමසන් වනාන්තරයේ පවතින ලැව්ගිනි සම්බන්ධයෙන් තමන් දැඩි කණගාටුවට පත්ව සිටින බව ජගත් මහ ලේකම් අන්ටෝනියෝ ගුටේරස් ද සඳහන් කළේය.
ගෝලීය උෂ්ණත්වය පාලනයේදී ප්‍රබල කාර්ය භාරයක් ඉටු කරනව වගේම ලෝකයේ හදවත බදුන් වූ වැසි වනාන්තරයක් ලෙසයි ඇමසන් වැසි වනාන්තරය සැලකෙන්නේ.











