FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණ සටනට දිල්රුක්ෂි ඩයස් සහ ශිරාණි බණ්ඩාරනායක

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය වෙනුවෙන් ඇය එම ධූරයෙන් ඉවත්වන බවටත් නියමිතව තිබෙන අතර , ඒ සඳහා ඇය සොලිස්ටර් ජෙනරාල් ධූරයෙන් ඉවත්වීම සඳහා අස්වීමේ ලිපියද භාර දී තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සැලසුම් කර තිබූ පාර්ශවය ඒ සඳහා හිටපු අගවිනිසුරුවරියක් වන ශිරාණි බණ්ඩාරනායක තෝරාගැනීමත් සමඟ ඇය සොලිස්ටර් ජෙනරාල් දුරයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ඉල්ලා අස්වීමේ ලිපිය හදිසියේම ඉවත් කරගෙන ඇති බවයි සදහන් වන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයින් ලෙස ඉදිරිපත් වන බවට නම් කියැවුණු නාගනන්ද කොඩිතුවක්කු,රොහාන් පල්ලෙවත්ත ඇතුළු සමාජ කණ්ඩායම් රැසක් එක්ව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉදිරිපත් කිරීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනු ලබයි.