FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ නිවසක කිලෝ 50ක් බරැති මී වදයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පිහිටි නිවසක සීලිමේ බැද තිබූ කිලෝග්‍රෑම් 50 කට ආසන්න බරකින් යුත් මී වදයක් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය හැටදහසක පමණක මීමැසි ගහණයකින් සමන්විත වූ බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

නිවෙස් හිමි කාන්තාව මෙම මී වදයට කිසිදු අයුරකින් බාධා සිදුකර නොතිබුණු අතර , මාස 10 ක් පමණ සම්පූර්ණ වූ පසුව මී වදය වෙනත් ස්ථානයකට ගෙන යෑමට අදාළ කාන්තාව මී මැසි පාලකයෙකුට පවරා තිබුණි.

ඒ අනුව ඔහු විසින් මීවදය නිවසෙන් ඉවත් කර ඇති අතර එම අවස්ථාවේ ලබාගන්නා ලද වීඩියෝ පටයක් අන්තර්ජාලයේ හරහා හුවමාරු වෙමින් පවතී.

පසුව මෙම මී ජනපදය නිදහස් පරිසරයක් සහිත වෙනත් ස්ථානයක යළි ස්ථාපිත කිරීමටත් පියවර ගෙන තිබුණි.

Image result for 50kg bee hive in australia