(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ‍්‍රී ලංකාව අද (22) නවසීලන්තය සමග දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයට පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණයේදී සහභාගි වේ.
අද තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිරෝෂන් දික්වැල්ල පවසන්නේ දෙපිලටම හොඳින් ලකුණු ලබා ගැනීමට හැකි වුවද තණකොළද තණතීරුවේ දැක ගත හැකි බවයි.
“කණ්ඩායම් දෙකටම හොඳට පිතිකරණයේ යෙදෙන්න පුළුවන් තණතීරුවක් වෙයි. ගාල්ලේ තණතීරුවට වඩා වෙනස් තණතීරුවක් තමයි මේක. අපි පන්දුවෙන් පන්දුව වගේම අදියරෙන් අදියර සැලසුම් කරන්නේ තරගය ජය ගැනීමටයි. ඒ සඳහා කණ්ඩායම ඉතාමත් හොඳ උනන්දුවකින් ඉන්නවා. ඩිල්රුවන් පෙරේරා මාස පහකට පස්සෙ කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. ඔහුගේ ආබාධය දැන් සියයට සියයක් සුව වෙලා. ඔහු හොඳින් පුහුණුවීම්වලදී පන්දු යැව්වා,” යැයි දික්වැල්ල පවසයි.
තරගයට ක‍්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂිත ශ‍්‍රී ලංකා කණ්ඩායම;
- දිමුත් කරුණාරත්න (නායක)
- ළහිරු තිරිමාන්න
- කුසල් මෙන්ඩිස්
- දිනේෂ් චන්දිමාල් හෝ නිරෝෂන් දික්වැල්ල
- ඇන්ජලෝ මැතිව්ස්
- කුසල් පෙරේරා
- ධනංජය ද සිල්වා
- දිල්රුවන් පෙරේරා
- ලසිත් ඇඹුල්දෙණිය
- සුරංග ලක්මාල්
- ළහිරු කුමාර
නවසීලන්ත කණ්ඩායම;
- කේන් විලියම්සන් (නායක)
- ටොම් ලෙතම්
- ජිට් රාවෙල්
- රොස් ටේලර්
- හෙන්රි නිකලස්
- බී. ජේ. වොට්ලින්
- කෝලින් ඞී. ග‍්‍රැන්ඞ්හෝම්
- ටොඞ් ඇස්ටල්
- අජාස් පටෙල්
- ටේරන්ට් බෝල්ට්
- ටිම් සවුති









