ඉතාලි අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාලි අගමැති ජුසෙපේ කොන්ටේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු ධුරයෙන් ඉවත්ව ඇත්තේ සිය සමීප හිතවාදියෙක් මෙන්ම දේශපාලන සඟයෙක් වූ ඉතාලි ජනාධිපති මතෙයෝ සැල්වීනිගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති නිර්ධය ලෙස විවේචනය කරමින්.

ධූරයෙන් අස්වූ කොන්ටේ පවසන්නේ සිය පෞද්ගලික හා පක්ෂ දේශපාලනය කරපින්නා ගනිමින් වගකීම් විරහිතව කටයුතු කර ඉතාලිය දේශපාලන අර්බුදයක් දක්වා කැදවාගෙන යාමේ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු බවයි.

එහිදී ජනාධිපතිවරයා වගකීම් විරහිතව කටයුතු කළ බවත් ඔහු පෙන්වා දෙයි.

අගමැති කොන්ටේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පසුගියදා ජනාධිපති සැල්වීනි පසුගියදා කටයුතු කළ අතර , පාලක සන්ධානයේ දැඩි බෙදීමක් හටගත්තේ ඉන් පසුවයි.

බෙදී ගිය පාලක පක්ෂය යළි ස්ථාවර කරගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර යළි මහා මැතිවරණයක් කැදවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.