FAST NEWS

24×7 Around the Globe

නරේන්ද්‍ර මෝදි සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජම්මු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විනාඩි 30 කට ආසන්න කාලයක් පමණ දුරකථන සංවාදයක නිරත වී තිඛෙන බව විදෙස් වාර්තා සදහන් කළේය.

ඉන්දියාව සහ පකිස්ථානය අතර මතභේද දුරලා කලාපයේ සාමය ඇතිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී පෙන්වා දී තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අතර සාකච්ඡාවක්ද පසුගිය සිකුරාදා දිනයේ පවත්වා තිබුණි.

කාශ්මීරයට දී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමටට ඉන්දියාව කටයුතු කිරීමත් සමග පකිස්ථානය සහ ඉන්දියාව අතර නැවත වරක් දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගත්තේය.