(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ධූලේ නගරයේ නිම්ගුල් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, ඉන් අට දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
බස් රථයක් සහ කන්ටේනර් ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.









