(ෆාස්ට්නිව්ස් |මතුගම) – අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහ විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ 41 වැනි විවාහ සංවත්සරය අදට යෙදී තිබූණි.
ඒ අනුව එම විවාහ සංවත්සර සැමරුමද අද මතුගම වෑත්තෑව දිසා රෝහලේ බාහිර රෝගි අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුලු වාට්ටු සංකිරණ හා සායන ගොඩනැගිලි ජනතා අයතියට පත්කිරිමේ උත්සව අවස්ථාවේදී සමරනු ලැබීය.
එහිදී අනෝදා පැල දෙකක් රෝහල් පරිශ්‍රයේ රෝපණය කලේ සෞඛ්‍ය අමත්‍යවරයා සහ අමාත්‍යවරයාගේ බිරිඳ අතිනි.
එමෙන්ම ගිනි නිවන නව රථයක් හා ජල බවුසරයක් ද මතුගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා පරිත්‍යාග කළ අතර එය ජනතා අයතියට පත්කිරිම සිදුවුයේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.










