(ෆාස්ට්නිව්ස් |ඉන්දියා) – හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් උතුරු ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් සහ උත්තර් කාන්ද් ප්‍රාන්තවල පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විශේෂයෙන් හිමාචල් ප්‍රදේශ්, උත්තර්කාන්ද් සහ පන්ජාබ් ප්‍රාන්තවල තවත් පුද්ගලයන් 22 දෙනෙකු අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම ප්ටදේශ වල සිටි සංචාරකයන් සියගණනක් අතරමංව සිටින බව වාර්තාවේ.
තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයට ද අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඉදිරි දින දෙක තුළදී චෙන්නායි නගරයට ලැබෙන වර්ෂාපතනය තවදුරටත් වැඩි වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීහු අනාවැකි පළ කරති.
යමුනා ගංගාවේ ජල මට්ටම අවදානම් සහගත ලෙස ඉහළ යාම හමුවේ ඉන්දීය බලධාරීන් දිල්ලි මෙන්ම හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්ත වෙත ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ගංවතුරෙන් හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාතික අධිවේගී මාර්ග 13ක් ඇතුළු මාර්ග 670 කට අධික සංඛ්‍යාවක් අවහිරව අත්ති අතර කල්කා සහ ශිම්ලා අතර දුම්රිය ගමනාගමනයට ද බලපෑම් එල්ලවී ඇත.
අද දිනයේ ශිම්ලා, සෝලන්, කුල්ලු සහ බිලාස්පූර් දිස්ත්‍රික්කවල සියලු පාසල් සහ උසස් විද්‍යාල වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 121 ක් වන අතර කර්ණාටක ප්‍රාන්තයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 76 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.









