ඉන්දීය ශිල්පින් ඇතුලත් නිර්මාණ විකාශනය පකිස්ථානයෙන් අත්හිටුවයි

ඉන්දීය ශිල්පින් ඇතුලත් නිර්මාණ විකාශනය පකිස්ථානයෙන් අත්හිටුවයි

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – ඊයේ (15) දිනයේදී කාශ්මීර දේශ සීමාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය සෙබළුන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි පාකිස්ථාන යුධ හමුදාව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගැටුමින් සිය හමුදා සාමාජිකයින් තිදෙනෙකුද ජිවිතක්ෂයට පත්වූ බව පාකිස්ථාන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගෆුර් ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

දේශ සීමාව ආශ්‍රිතව මේ වන විට දිගින් දිගටම ඉන්දීය හමුදාව සහ පාකිස්ථාන සෙබළුන් අතර වෙඩි හුවමාරුවීම් සිදුවන බවටද ඔහුගේ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන්ය.

පාකිස්ථාන යුධ හමුදාව සඳහන් කර සිටින ආකාරයට ගැටුම් වලින් සිය හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මියගිය පුවත ප්‍රතික්ෂේප කරන බව එරට යුධ හමුදාව උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

පසුගිය සතියේදී ඉන්දියාව විසින් කාශ්මීරයට ලබාදී තිබු ව්‍යවස්ථාමය විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට ගනු ලැබූ තීරණයත් සමග ඉන්දු-පකිස්ථාන අර්බුධය නව මානයකට එළැඹ තිබේ.

පාකිස්ථානය විසින් ඉන්දීය නළු නිලියන් සහ නිරූපණ ශිල්පින් ඇතුලත් සියලුම වෙළද දැන්වීම් සහ චිත්‍රපට විකාශනය අත්හිටුවීමට ඊයේ(15) සිට පියවර ගෙන ඇත.

ඒ අනුව කිසිදු පාකිස්ථාන මාධ්‍ය ආයතනයක හෝ අන්තර්ජාල සේවා පහසුකම් සපයන්නන් විසින් ඉන්දීය නළු නිලියන් හෝ නිරූපණ ශිල්පීන් සිටින වෙළද දැන්වීම්, චිත්‍රපට සහ නාට්‍ය විකාශනය අත්හිටුවීම සිදුකළ යුතු බව එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටියි.

CATEGORIES

COMMENTS

Wordpress (0)
Disqus ( )