(ෆාස්ට් නිව්ස්|කොළඹ) – නවසීලන්ත නායක කේන් විලියම්සන් වත්මන් ක්‍රිකට් පිටියේ තමන්ගේ ශෛලියට සමානකමක් සහිත ක්‍රීඩකයෙක් ලෙස දකින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන සඳහන් කර තිබේ.
ක්‍රිකට් පිටියේ ඔහුගේ විශේෂ අවධානයට යොමු වූ ක්‍රීඩකයින් පිලිබඳ අදහස් දක්වමින් මහේල මේ බව ‘ක්‍රික් ඉන්ෆෝ (Cricinfo)’ වෙත පවසා ඇත.
වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැනට සිටින අභියෝගාත්මකම පන්දු යවන්නා ලෙස ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාව හැදින්විය හැකි බවත් මහේල පවසයි.
තමා ක්‍රීඩා කල අවදියේ මහත් කැපවීමෙන් යුතුව පුහුණූවිම් වල නිරත වු ක්‍රීඩකයා, තමන්ගේ සමකාලීනයෙක් මෙන්ම සිය සමීප මිතුරෙකු වන කුමාර් සංගක්කාර වන බවට මහේල මෙහිදී පවසා තිබේ.
එසේම අයි. පී. එල්. (IPL) තරඟාවලියේදි මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) කණ්ඩායමට කුසලානය දිනා දිමට හැකි අකාරයේ පුහුණූකරුවෙක් බවට තමන්ට පත් විමට හිටපු දකුණූ අප්‍රිකානු ක්‍රීඩකයෙක් වු බැරි රිචඩ්ස්ගේ උපදෙස් බෙහෙවින් ඉවහල් වු බවත් මහේල මෙම සම්මුඛ සාකච්ඡාවේදි වැඩි දුරටත් සඳහන් කර ඇත.









